ඔබ ඔබේ දරුවාට ක්‍රියාශීලීව සවන් දෙනවාද ? දරුවන්ට ක්‍රියාශීලීව සවන් දෙන්නෙ මෙහෙමයි !!

ඔබ ඔබේ දරුවාට ක්‍රියාශීලීව සවන් දෙනවාද ? දරුවන්ට ක්‍රියාශීලීව සවන් දෙන්නෙ මෙහෙමයි !!

ඔබ ඔබේ දරුවාට සවන් දෙනවාද?  අද අපි මේ ලිපියෙන් කතා කරමු දරුවෙක්ට සවන් දීම කොයිතරම් වැදගත්ද කියල

දරුවන්ට සවන් දීම යනු ඔබේ කාලයෙන් සුළු කොටසක් ඔවුන් වෙනුවෙන් කැප කිරීමකි. නමුත් එහි ප්රතිඵල ඉතා විශාලයි. එය සෞඛ්ය සම්පන්න, විශ්වාසවන්ත සහ සාර්ථක දරුවන් ඇති දැඩි කිරීමේ මූලික පියවරකි

දරුවන්ට සවන් දීම කියන්නේ බබාලා කියන දේ අහන් ඉන්නවට වඩා ලොකු දෙයක්. සවන් දීමේදී දරුවාට දැනෙන්න ඕනේ අම්ම තාත්තා මං කියන දේ අහගෙන ඉන්නෙ කියල. ඒක නිසා දරුවෙක් දෙයක් කියන කොට ඒක අහන් ඉන්න ගමන් ක්රියාශීලීව සංවාදශීලීව දරුවා සමඟ එකතුවීම හරිම වැදගත්.

අපි දැන් කතා කරමු දරුවෙක්ට ක්රියාශීලීව සවන් දීම තුළින් දරුවාට ලැබෙන ප්රතිලාභ

1. විශ්වාසය ගොඩනැගීම , දරුවාගේ පෞරුෂ වර්ධනය සහ ශක්තිමත් බැඳීමක් ඇති කිරීම  

·       තමන්ගේ තෙමව්පියන් තමන්ට හරියට ඇහුම්කන් දෙන කොට දරුවෙක්ට දැනෙනවා එයා හැම පැත්තකින්ම ගොඩක් සුරක්ෂිතයි කියලා.

·       ඔබ ඔවුන්ට අවධානයෙන් සවන් දෙන විට, ඔවුන් තේරුම් ගන්නවා  ඔබ ඔවුන්ට ගරු කරන බවත්, ඔවුන්ගේ අදහස් වලට වටිනාකමක් දෙන බවත්.

·       මේ විශ්වාසය හරිම වැදගත් දරුවන් සහ දෙමව්පියන් අතර ආදරණීය බැඳීම් වර්ධනය වෙන්න වගේම දරුවන්ගේ පෞරුෂ වර්ධනයට.

2. ඔවුන්ගේ හැඟීම් ප්රකාශ කිරීමට උදව් කිරීම

  • දරුවන්ට ඇතැම් විට ඔවුන්ගේ හැඟීම් වචනවලට පෙරළීමට අපහසු විය හැක.
  • ඔබ ඔවුන්ට ඉවසිලිවන්තව සවන් දෙන විට, ඔවුන්ගේ සිතේ ඇති බිය, දුක, හෝ සතුට ප්රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙනව.
  • "මම හිතන්නේ ඔයා ටිකක් දුකින් වගේ ඉන්නේ, ඒකද?" වැනි ප්රශ්න ඇසීමෙන් ඔවුන්ට තම හැඟීම් හඳුනා ගැනීමට සහ වචනවලට නැඟීමට උදව් කළ පුළුවන්.

3. ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කිරීම:

  • දරුවෙකුට ගැටලුවක් ඇති වූ විට, ඔවුන්ට උපදෙස් දීමට ඉක්මන් නොවී, පළමුව ඔවුන්ට කතා කිරීමට ඉඩ දෙන්න.
  • "ඔයා හිතන්නේ අපි මේකට මොකක්ද කරන්න ඕනේ?" වැනි ප්රශ්න ඇසීමෙන් ඔවුන්ට තමන්ගේම විසඳුම් ගැන සිතීමට පුරුදු කළ පුළුවන්.
  • ඔවුන්ගේ අදහස් වලට සවන් දීමෙන්, ඔවුන් ස්වාධීනව සිතීමට සහ තීරණ ගැනීමට ඉගෙන ගන්නවා.

ඉතින් ඔබ තේරුම් ගත යුතු වටිනාම දේ තමයි සවන් දීම සහ ඇසීම අතර වෙනස

·       දරුවා කතා කරන විට, ඔබ ඔබේ ජංගම දුරකථනය පසෙකින් තබා, ඔවුන්ගේ ඇස් දෙස බලා, ඔවුන් පවසන දේට සම්පූර්ණ අවධානය යොමු කරන්න.

·       ඔබේ මුහුණේ ඉරියව්, ශරීර භාෂාව සහ වචන නොවන සන්නිවේදනය දරුවාට ඔබ ඔවුන්ට සවන් දෙන බව පෙන්වයි.

ඒ වගේම දරුවා සමඟ ධනාත්මක සන්නිවේදනයක් ඇති කර ගැනීම හරිම වැදගත් !!

  • දරුවන් වැරැද්දක් කළ විට පවා, ඔවුන්ට දඬුවම් කිරීමට හෝ විවේචනය කිරීමට පෙර, ඔවුන්ට සවන් දෙන්න.
  • "ඔයා මේක කළේ ඇයි?" වැනි ප්රශ්නයක් ඇසීමෙන් ඔවුන්ගේ පැත්ත තේරුම් ගැනීමට අවස්ථාවක් දෙන්න.
  • මෙය පවුල තුළ ධනාත්මක සන්නිවේදන රටාවක් ඇති කිරීමට උපකාරී වේ.

ඉතිං නිසාම දරුවාට ඇහුම්කන් දීම කොයි වෙලාවකවත් මඟහරින්න එපා.

Back to blog

Leave a comment